ෆ්‍රැන්කන්ස්ටයින් කියන්නේ විද්යා ප්‍රබන්ධ ඉතිහාසයේ අමතක නොවන අපූරු නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුලුවන්.මෙම කෘතිය මුලින්ම පළ වුනේ 1818 දී. එය ලියැවුනේ කෘතහස්ත කවියෙකු වූ පර්සි ෂෙලීගේ ආදරණීය බිරිඳ වූ මේරි ෂෙලී විසින්.
ෆ්‍රැන්කන්ස්ටයින් කියන්නේ විදැදුරෙක්. ඔහු දක්ෂයෙක්. වෙනස්ම ආරකින් සිතපු කෙනෙක්. ඔහු ජිනීවා වෙත යනවා වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න. එහිදී ඔහුට රසායනයත් , භෞතික විද්‍යාවත් හදාරන්න හැකි වෙනවා. ඔහුගේ අදහස් සහ ඉගෙනුමේ අවසන් ඵලය විදියට ඔහුගෙන් නිමැවෙන්නේ " මෘගයෙක්".
ඉතින් මේ විශ්ව සාහිත්‍ය කෘතිය හෙළබසින් ඔබ වෙත ගෙන එන්නට මම සිතුවා. හැබැයි මේ මුල් කෘතියේ එලෙසින්ම පරිවර්තනයක් නෙවෙයි. සැකෙව් සංස්කරණයක්.
මට ලැබෙන නිදහස් කාල වේලාව අනුව ඔබ වෙත මෙය ගෙන එන්නට වෙන්නේ කොටස් වශයෙන්. ඒ ගැන සමා වනු ඇතැයි මම හිතනවා.ලේඛකයකුට ලද හැකි උපරිම ඉපයීම තමා , පාඨක ප්‍රතිචාරය. ඒ නිසා මෙය මගේ ස්වතන්ත්‍ර නිර්මණයක් නොවුනත් , ඔබේ අදහස් මට ඉතාම වටිනවා.
ඉතින් මේ ඇරියුම , උතුරු ද්‍රැවයේ සීතල ඉසව්වෙක සිදුවෙන මෙම අද්භූත සිදුවීම රසවිඳින්නටයි.

No comments:
Post a Comment